නවසීලන්තය අවසන් තරගයට

Thursday, 11 November 2021 - 10:46

T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැති තරගය කඩුලු 5කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ  (10) සමත් විය. තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායම ආරාධනා  කළේය. ඒ අනුව, එංගලන්ත කණ්ඩායම නියමිත පන්වාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 166ක් රැස් කළේය. එහිදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් මාලන් ලකුණු 41ක් රැස්කළ අතර මොයින් අලි නොදැවී ලකුණු 51ක් රැස් කළේය. පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටිම් සවුති, ඇඩම් ම්ලාන්, ඉෂ් සෝදි සහ ජේම්ස් නීෂම් එක් කඩුල්ල බැගින් දවා ගත්හ. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19ක් තුළ ජයග්‍රහණය වාර්තා කිරීමට හැකිවිය. එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩෙවොන් කොන්වේ ලකුණු 46ක් රැස් කළ අතර ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 73ක් රැස් කළේය. පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස් වෝක්ස් සහ ලියම් ලිවිංස්ටන් කඩුලු දෙක බැගින් දවා ගත්හ.

23


LPL ප්‍රසාද ලකුණු සටහනේ à¶...
Tuesday, 14 December 2021 - 15:01

මෙවර LPL තරගාවලියේ සිය à¶´à·...Read More

රංගන හේරත්ගේ à¶´à¶­à·Š කිරීà...
Thursday, 09 December 2021 - 14:56

බංග්ලාදේශ ක්‍රිකට් à¶šà¶...Read More

කොළඹ ට ජය.
Tuesday, 07 December 2021 - 12:40

ලංකා ප්‍රිමියර් ලීග් à...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?